
( ප්‍රසන්න පත්මසිරි)
මාදුරුඔය ජාතික වනයේ බුරුත ගස් හොරට කපා ගොන් බැදි ගැල් වලින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව වන ජීවි නිළධාරීන් කියයි.
වනයේ තිබු වසර100 ක් පමණ පැරණි කැපු ගස් වල දැව කොටන් 26ක් පැටවු ගැල් කරත්ත තුනක ගොනුන් හයදෙනෙකු සමග සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාදුරුඔය ජාතික වනයේ උද්‍යාන භාරකරු බුද්ධික විතානගේ මහතාගේ උපදෙස් මත මහඔය පොලිස් විශේෂ කාර්ය්‍ය බලකා නිළධාරීක් සමග වන ජීවි නිළධාරීන් වැටලීම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd