(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ අඹගහමුල බස් නැවතුම්පලෙන් ධාවනය වන බස් අද (20) දෙවැනි දිනටත් වර්ජනය එලෙසින්ම ක්‍රියාත්මක කර ඇත.
බස්රථ ගමන් කළ නොහැකි වන අයුරින් එම භුමිය තුළ මාතලේ මහ නගර සභාව විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් කාණු කපා පස් කදු ගොඩ ගැසීමට විරෝධය දැක්වීම හේතුවෙන් බස් ධාවනයේ ඉවත් වී තිබේ.
මාතලේ මහනගර සභාව විසින් ඊයේ (19) එම බස් නැවතුම්පල තුළ කාණු පද්ධතියක් කැපීමට උත්සහ කළ නමුත් බස් රථ හිමියන් රියදුරන් හා රිය සහයකයින්ගේ විරෝධතාව හේතුවෙන් එම කටයුත්ත පොලිසිය මැදිහත් වී තාවකාලිකව අත්හිටවීමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් රත්තොට ගලේවෙල දඹුල්ල කවටයාමුණු ඇතුළු ප්‍රදේශ රැසක් වෙත ගමන් කරන බස්රථ 60ක් පමණ වර්ජනය හේතුවෙන් එහි ගමනා ගමන කටයුතු අඩාලවී ඇත.
බස් නැවතුම්පලට ඇතුළු විය නොහැකි අයුරින් බස් රථ හරස්කර විරෝධතාවේ නියලෙන විරෝධතාකරුවන් පවසන්නේ පෙරේදා(19) වන දින නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා ඇතුළු නිලධාරීන් පැමිණ කැණු කැපීමට විරුද්ධවීම නිසා (19) රාත්‍රී 10.00 සිට පසුදා අලුයම1.00 දක්වා බැකෝ යන්ත්‍රයකින් බස් නැවතුම්පල තුළ කාණු පද්ධතියක් කැපීමට කටයුතු කර ඇති බවයි.
මෙම බස් නැවතුම්පල යථා තත්වටය පත් කරන තුරු අඛණ්ඩ විරෝධතාවේ නියැලෙන බව ඔවුහු පවසති.
මෙම විරෝධතාවට එක්ව සිටන මාතලේ මහනගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි අමිල නිරෝෂණ මහතා මෙසේ කීය.
මාතලේ මහ නගර සභාවට අයත් නොවන මෙම බස් නැවතුම්පලට ඇතුළු වීමේ සිදු කර ඇති ක්‍රියාව සභා අනුමැතියකින් තොරව සිදු කර ඇත්තක්. පළාත් පාලන අඥා පනත උල්ලංඝණය කරමින් සිදු කර ඇති මෙම ක්‍රියාව විපක්ෂය ලෙස අපි පිළිකුලෙන් හෙළා දකිනවා. මීට පෙරද නගරාධිපතිවරයා දුම්රිය ස්ථානයට අයතා ලෙස ඇතුළු වීමක් සම්බන්ධයෙන් අධිකරණයට ගොස් ශරිර ඇපයක් මත සිටින්නේ අපි ඉල්ලන්නේ නගරාධිපතිවරයා මානසික වෛද්‍යවරයකු යොමු කර ඔහුගේ තත්වය සොයා බලන ලෙස යැයි කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මාතලේ බස් වර්ජනය දෙවැනි දිනටත්