(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ පසුගිය දින කිහිපය තුල පැවැති අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පවුල් 45 කට අයත් පුද්ගලයින් 173 දෙනෙකු පීඩාවලට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 35 අයත් පුද්ගලයින් 140 දෙනෙකුද නුඑරඑලිය දිස්ත්‍රික්කයේ පවුල් 10 කට අයත් පුද්ගලයින් 33 දෙනෙකුද වශයෙන් පීඩාවට පත්ව තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, පන්විල, පාතහේවාහැට, උඩපළාත, යටිනුවර, ගඟවට කෝරළය, හාරිස්පත්තුව, මැදදුම්බර සහ අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය සහ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පිරිස් මෙලෙස පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
අධික වැස්ස, ගල් පෙරළීම, අධික සුළං සහ නායයෑමේ අවදානම හේතුවෙන් මෙලෙස පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
2025 නොවැම්බර් මස 04
278
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2116
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහවැස්සෙන් මධ්‍යම පළාතේ 173 ක් පීඩාවට