IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්නාරමේ එල්ලෙන පාලම අවදානමේ

(රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම මඩු ප්‍රදේශයේ පිහිටි සංගිලි පාලම නොහොත් එල්ලෙන පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වීමෙන් එය විනාශ වී යාමේ අවදානමක් පවතින අතරම පාලමේ යකඩ තහඩු ගැලවීමේ අවදානමක් ද පවතින බවට ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය කාලයේ සංගිලි පාලමට පැමිණ අවට සිරි නැරඹීම සඳහා විශාල සංචාරකයින් පිරිසක් පැමිණි අතර 2016 දී මෙම ස්ථානය සංවර්ධනය කර සංචාරක නිකේතනයක් වශයෙන් ද උතුරු පළාත් සභාවෙන් නම් කර නඩත්තුව හා ආරක්ෂාවට උතුරු පළාත් සභාවෙන් යොදවා සිටි අතර පසුව උතුරු පළාත් සභාවේ ධූර කාලය අවසන් වීමත් සමඟ සංගිලි පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වී ඇත.

සංගිලි පාලම ඉතා සතා සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශයක් වන අතර මේ වන විට එහි බාරකරුවන් නොමැතිව සංචාරකයින් ද යාමට බියක් දක්වන අතරම සංචාරකයින් නොමැති වීම හේතුවෙන් ඇතැම් අබලි යකඩ ජාවාරම්කරුවන් විසින් පාලමේ ඇති යකඩ තහඩු ගැලවීමේ උත්සහයක ද නිරත වන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ වන විටත් සංගිලි පාලමේ ගමන් කරන පෙදෙසේ යකඩ තහඩුවක් ගලවා ඇති අතරම ඉදිරියේ දී සියලුම තහඩු ගැලවීමේ අවදානමක් ඇති හෙයින් සංගිලි පාලම ආරක්ෂා කර තවත් වැඩි දියුණු කරන්නේ නම් සංචාරක කර්මාන්තය මගින් මුදල් ඉපයීමේ අවස්ථාවක් ද උදාවන බැවින් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී කඩිනම් පියවරක් ගන්නා ලෙසට ද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් කියා සිටිති.
 



අදහස් (0)

මන්නාරමේ එල්ලෙන පාලම අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site