(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරු මුස්ලිම් ජාතික තරුණයෙක් අද (06) සැකපිට අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි.
 
අද (06) පෙරවරු 7.30 ට පමණ මෙම පුද්ගලයා පදවාගෙන ආ යතුරු පැදිය එකවරම ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු කර විද්‍යාලය තුලට යාමට උත්සහ දැරීමේදී ආරක්ෂක අංශයේ නිලධාරීන් එම පුද්ගලයා අල්ලා ඒ ආසන්නයේ සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට බාර දී තිබූ බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් තරුණයා අලුත්ගම දර්ගා නගරයේ පදිංචිකරුවෙකි.
 
මෙම සැකකරු යම් ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ  වූවෙක් ද එසේ නැතිනම් මානසික ආබාධයකින් පෙලෙන්නෙක්ද යන්න වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.