(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් 14 ක පවුල් 15,019 ක, 51,440දෙනෙකු පීඩාවට පත්ව ඇති බව මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම් මානික්කම් උදයකුමාර් පැවසීය.
එක නිවසක් මුළුමණින් ම විනාශ වී ඇති බවත් නිවාස 42කට අර්ධ හානි සිදුවී ඇති බවත් ඔහු කීය. අවතැන්වූ 1915 දෙනෙකුට කඳවුරු14ක නවාතැන් ලබා දී ඇත.
තවද පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් ලක්ෂ 7ක පිසූ ආහාර ලබාදීමට මුදල් වෙන්කර ඇති බවත් ඥාතීන්ගේ නිවෙස්වල නවාතැන් ලබා ඇති අයට වියළි ආහාර ලබාදීමට රුපියල් ලක්ෂ 16 ක පමණ ප්‍රමාණයක් රජයෙන් වෙන්කර ඇති බවද හෙතෙම කීය.
ගංවතුරෙන් පීඩාට පත්වුවන්ට සහන සැලසීමට රුපියල් මිලියන 16.6ක් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යාස්ථානය ඉල්ලා ඇති බවත් එම මුදල් ලැබූ විගස එම පිරිසට සහන සැලසීමට කටයුතු කරන බවට දිස්ත්‍රික්ක මහා ලේකම් මානික්කම් උදයකුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.