(එස්. ඩී.කොඩිකාර)

බලපත්‍ර රහිත විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහ  පතොරම්  තුවක්කුවක් සමඟ සැකකරුවෙක් නයාදොළ ප්‍රදේශයේදී  අද (19) අත්අඩංගුවට ගත්බව මොරවක පොලිසිය පවසයි.

පොලිසියට ලද තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නයාදොළ ,අලපලාදෙනිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ටිපර් රථ  රියදුරෙකු  බව පොලිසිය කියයි.

සැකකරුගේ නිවසේ සඟවා  තිබීදී  මෙම ගිනි අවිය පොලිසිය සොයාගෙන ඇති අතර සැකකරු අද (19) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.