(සිතුම් චතුරංග)
මන්නාරම, අඩම්පන් මාර්ගයේ ගොවිජන සේවා කාර්යාලය ආසන්නයේ බෝක්කුවක් අසළ දමාගොස් තිබූ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සහ එහි මැගසිනයක් අද(02) සොයාගත් බව මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම පොලිස් නිලධාරීන් පිරීසක් සැකකටයුතු බෑගයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම පිස්තෝලය සහ එහි මැගසිනය හමුවී තිබේ.
පිස්තෝලයට හානි නොවන ලෙස ග‍්‍රීස් තවරා තිබූ අතර පොලිතින් උරය කසළ මල්ලක් සේ පෙනෙන අයුරින් බෝක්කුව අසල දමාගොස් තිබූ බව පොලිසිය පවසයි.
නැවත භාවිතයට ගැනීමේ අරමුණින් ග‍්‍රීස් තවරා පිස්තෝලය ගෙනවිත් දැමුවේද යන්න ගැන සැකකරන බවද පවසයි.
මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනත් දමන ලද පුද්ගලයන් අල්ල ගැනීමට මොකුත් ක්‍රියාමාර්ග නැතිද.?
අපේ රටේ මුළු මාර්ග පද්ධතියම ආවරණය වන පරිදි "cctv" කැමරා සවිකිරීමේ කාලයයි මේ