IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බේරුවල ප්‍රා. සභා මන්ත්‍රීගේ ආශ්‍රිතයන් 200 කට පී.සී.ආර්.

(තුසිත කුමාර ද සිල්වා )

බේරුවල ප්‍රාරාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කොවිඩ් ආසාදිතයකු වීම හේතුවෙන් රෝග ආවේක්ෂණ කටයුතු සඳහා ආශ්‍රිතයන් හඳුනාගෙන එම මන්ත්‍රීවරයා ඇසුරු කළ සමීප ආශ්‍රිතයන් 200 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ අද(25) දර්ගානගරයේ දී සිදුකළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා පැවසීය.

මෙම ආසාදිත මන්ත්‍රීවරයා ඇසුරු කළ බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනකු හා ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉදිරියේ දී ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, නිරෝධායන ක්‍රියාවලිය, පී.සී.ආර් පරීක්ෂණ දර්ගානගරය ඉලක්ක කර ක්‍රියාත්මක කරන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය.

වසංගත රෝග ඒකකය ලබා දී ඇති නිර්ණායක අනුව හඳුනා ගත් පළමු හා දෙවන පෙළ ආශ්‍රිතයන් වන බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක්ද පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළහ.

මෙම පී.සී.ආර් පරීක්ෂණයට පෙනී සිටි බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුස්මන් සිල්වා මහතා කියා සිටියේ මෙම පී.සී.ආර් පරීක්ෂණ සියලු මන්ත්‍රීවරුන්ට සිදු කිරීම සුදුසු ක්‍රියාවලියක් බවත්, ඒ පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට සිය ස්තුතිය පුද කරන බවත්ය.



අදහස් (0)

බේරුවල ප්‍රා. සභා මන්ත්‍රීගේ ආශ්‍රිතයන් 200 කට පී.සී.ආර්.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site