IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බෙලිඅත්තෙන් ඇරැඹෙන දුම්රියන්හි කාල සටහන් වෙනස් වෙයි

(අනීෂා මානගේ)
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රිය කාලසටහන්වල වෙනස්කම් කිහිපයක් සහිතව ඉදිරියේදී ධාවනය වීමට නියමිත බව බව දුම්රිය ස්ථානාධිපති ඩී.නාරංගොඩ මහතා පැවසීය.
 
සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.50ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය මෙම මස 28 සිට අනුරාධපුරය දක්වා පමණක් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
 
බෙලිඅත්තේ සිට වවුනියාව දක්වා දිනපතා පෙරවරු 9.05ට ගමන් ආරම්භ කළ දුම්රිය පෙරවරු 8.45ට ගමන් ආරම්භ කිරීමට නියමිත අතර එම දුම්රිය අනුරාධපුරය දුම්රිය ස්ථානයට පස්වරු 6.22ටත් ගමනාන්තය වන වවුනියාව දුම්රිය ස්ථානයට පස්වරු 7.58ට පැමිණීමටත් නියමිතය. මෙය නුදුරේදීම ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපති නාරංගොඩ මහතා පැවසීය.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් මරදාන දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ වායු සමනය කළ මැදිරි සහිත විශේෂ නගරාන්තර දුම්රිය මෙම මස 24 දින සිට ආරම්භ වන බවද එය අළුයම 2.20ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත්ව අළුයම 5.05 වන විට මරදාන දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට නියමිතය. එම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.50ට ගමන් ආරම්භ කරන අතර පස්වරු 6.00ට බෙලිඅත්ත දුම්රිය ස්ථානය දක්වා පැමිණීමට නියමිතය. 



අදහස් (0)

බෙලිඅත්තෙන් ඇරැඹෙන දුම්රියන්හි කාල සටහන් වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site