( ප්‍රසන්න පත්මසිරි)
බිබිල හොඩගල කදුයායේ ඌරුමීතැන්න කන්ද නාය යාමෙන් මැදපිටිය හා සේනාපතිය යන ගම්මාන වල නිවාස හතකට දැඩි හානි සිදුව පවුල් 18 ක 46 දෙනෙකු අවතැන්ව සිටිති.
ඔවුන් මේ වන විට නීලගිරි විහාරයේ රැදී සිටින බවද පොලීසිය කියයි.
ප්‍රදේශයට අධික වර්ෂාව පැවති 30 දින සවස කන්දෙන් ගල් පස් පෙරලනවාත් සමග ගම්වාසීන් ආරක්ෂිතස්ථාන කරා දිව යෑම නිසා කිසිදු ජීවිත හානියක් සිදු නොවු බව පොලීසිය කියයි.
ගම්වාසීන් නිවෙස් වලින් ඉවත්වනවාත් සමඟම ඌරුමීතැන්න කන්ද නායගොස් මහා විනාශයක් අනුනවයෙන් වැළකී තිබෙන බව පෙලීසිය කියයි.
කන්දේ අක්කර විස්සක් පමණ නාය යැම නිසා නිවාස හතකට සහ ත්‍රිවීලර්, යතුරුපැදි කිහිපයක් පස්වලින් වැසී තිබෙන බව කියයි.
ගම්මානයේ වගාවන් සියල්ල විනාශ වී තිබෙන බවද කියයි. ගම්වැසියන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය, යුද හමුදාව ප්‍රදේශවාසීන් එක්ව අවශ්‍ය සහන සලසන බවද ලේකම්වරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බිබිල ඌරුමීතැන්න කන්ද නාය යාමෙන් පවුල් 18 ක් අවතැන්