(අනීෂා මානගේ)
දීර්ඝ කාලයක සිට බලපත්‍ර නොමැතිව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගියේයැයි කියන සිප්පිකටු ගබඩා කර තිබූ ස්ථානයක් අද (22) පොලිස් නිලධාරීන් සහ භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීහු වටලා එක් අයෙකු අත්අඩංගුවට ගත්තේය.
හුංගම කළමැටිය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට මෙම සිප්පිකටු කබඩාව පවත්වාගෙන ගොස් ඇතැයි නිලධාරීහු කියති. අත්අඩංගුවට ගත් පුද්ගලයා හුංගම කළමැටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයකු බව ඔවුහු කියති.
මහා පරිමාණයෙන් ගබඩා කර තිබූ මෙම සිප්පිකටු ගබඩාව සඳහා බලපත් නැතැයි පොලිස් නිලධාරීහු පවසති. ගබඩා කර තිබූ සිප්පිකටු තොගය පොලිස් බාරයට ගත්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd