
(නිශාන්ත කුමාර)
බදුල්ල - මොරහෙල ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල අකුරුකඩුව එකේ කණුව ප්‍රදේශයේ ගෙවත්තක තිබූ දැවැන්ත මැහෝගනී ගසක් අද (18) සවස මුලින් ඉදිරී මාර්ගය අයිනේ තිබූ විදුලි රැහැන් පද්ධතියද කඩාගෙන මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් ඒම මාර්ගයේ ප්‍රවාහන කටයුතු මුලුමනින්ම ඇනහිටියේය.
ගස කඩා වැටුණූ ස්ථානය අවට නිවාස කිහිපයක්ම පිහිටා තිබුණ ද එම මහෝගනී ගස මාර්ගය මතට කඩා වැටීම නිසා සිදුවීමට තිබූ මහත් විනාශයක් වැළකී ගියේය.ගස කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයට විදුලිය සපයන විදුලි රැහැන් පද්ධතියක් මුළුමණින්ම කඩා වැටී ඇති අතර විදුලි කණු කීපයක්ද බිදී ගොස් ඇත.
මේ වන විට ප්‍රදේශයට ඇදහැළෙන මහවැසි හේතුවෙන් මාර්ගය අයිනේ තිබූ මෙම මාර ගසේ මුල් බුරුල්වී මාර්ගය හරහා කඩා වැටී ඇති අතර අද (18) සවස 7.00 පමන වන විටත් මාර්ගය හරහා කඩා වැටුණු ගස ඉවත් කිරීමට හෝ විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට පියවර ගෙන නොතිබිනි.
ගස කඩා වැටීමත් සමග මාර්ගය මුළුමනින්ම අවහිර වීම හේතුවෙන් මීගහකිවුල, ඇකිරිය කළුගහකදුර පිටමාරුව, මොරහෙල කැටවත්ත ආදී ප්‍රදේශ රැසක් වෙත ගමන් ගන්නා බස් රථ ඇතුළු ප්‍රවාහන සේවා රැසක් අඩාල වී ඇතැයි ජනතාව පවසති.
කෙසේ වෙතත් විකල්ප මාර්ග භාවිතා කරමින් ගමනාගමන කටයුතු සිදුවන බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පැවසීය.


2025 දෙසැම්බර් මස 04
421
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ල - මොරහෙල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇනහිටී