(ඞී.කේ.රත්න)

බණ්ඩාරවෙල නගරයේ බීමත්ව රිය ධාවනය කරමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (15) බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

බණ්ඩාරවෙල නගරය අවටම පදිංචි වයස අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන්නන් අටදෙනෙකු සඳහා මෙසේ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

එක් පුද්ගලයෙකු සඳහා රුපියල් විසිපන්දහස බැගින් අට දෙනෙක් සඳහා මෙම රුපියල් ලක්ෂ දෙකක දඩ මුදල ගෙවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

බණ්ඩාරවෙල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.