(රංජිත් රාජපක්ෂ )
නොර්වුඩ් ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතු යායේ වතු කම්කරුවෝ පිරිසක් අද (06) දින වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නියැලි සිටියහ.
බගවන්තලාව ආරියපුර සහ සිරිපුර ගම්මානවල පදිංචි කරුවන් දිනපතා ඔවුන් විසින් නිවාස වල බැහැර කරන කැලි කසල සහ ඝන අපද්‍රව්‍යය තේ වත්තට බැහැර කිරිම නිසා තේ වත්තේ වැඩ කිරිමට නොහැකි තත්වයක් උද්ගත වි ඇති බව විරෝධතාවයේ නියලි සිටි වතු කම්කරුවෝ කියා සිටියහ.
මිට ප්‍රථම ගම්වාසින් විසින් තේ වත්තට බැහැර කර තිබු කැලි කසල සහ ඝන අපද්‍රව්‍යය තමන් විසින් ඉවත් කල බවත්, යලිත් දිගින් දිගටම සිරිපුර සහ ආරියපුර ගම්වාසින් විසින් තේ වත්තට කැලිි කසල බැහැර කරණ බව විරෝධතාවයේ නියලි සිටි වතු කම්කරුවෝ කියා සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.