(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ලංගම ඩිපෝවේ සියලුම බස් රථ විසබීජහරණය කිරීමේන් අනතුරුව නැවත මගී ධාවනයට යෙදවු බව පුත්තලම ලංගම ඩිපෝ කළමණාකරු එච්.එම් .සී .එච් .අබේසිංහ මහතා අද(13) පැවසීය.
කොව්ඩ් ආසාධිත කොන්දොස්තරවරයකු හමුවිමත් සමග ඩිපෝවේ බස් රථ 15 ක් ගමනාගමන කටයුතු වලින් ඉවත් කර අදාල ආසාධිත කොන්දොස්තරවරයා ඇසුරු කළ රියදුරන් හා කොන්දොස්තරවරුන් 44 දෙනෙකු නිවෙස් තුල ස්වයං නිරෝධායනයට යොමු කර තිබුනී.
පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්රු ප්‍රනාන්දු මහතාගේ හා පුත්තලම ප්‍රධාන මහජන පරීක්ෂක එන් .සුරේෂ් මහත්වරුන්ගේ උපදෙස් මත අදලා නිරෝධායන කටයුතු සිදු කෙරිණි.
මෙහිදි ඩිපෝ කළමනාකාරවරයා පවසා සිටියේ අදාල සෞඛ්‍ය නීති රීතිවලට අනුකුලව පුත්තලම නගරාධිපති කේ.ඒ .බායිස් මහතාගේ මැදිහත්වීමෙන් නගර සභා විසබීජහරණ කණ්ඩායම යොදා ගනිමින් සියලුම බස් රථ විෂබිජහරණය කළ බවයි.
ඒ අනුව අදාල බස්රථ සියල්ලම මේ වන විට නැවත ධාවනයට යෙදවීම සිදුවු බවත් කිසිදු මගියකු මේ තත්වයෙන් බිය නොවී ලංගම බස් රථවල ගමන් කිරීමට එක්වවන ලෙස ඩිපෝ කළමනාකාරවරයා ඉල්ලා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යළි ධාවනයට