(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පින්නවල අටවක්වෙල ශ්‍රී රතනපාල විදුහලේ විදුහල්පතිනිය පාසලෙන් ඉවත්කර වෙනත් විදුහල්පතිවරයකු දෙන්නැයි ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු දෙමව්පියෝ පිරිසක් අද (17) පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරතවුහ.
එම විදුහල්පතිනිය විසින් පාසලේ සේවය කරන භික්ෂූන්වහන්සේට සහ ගුරු මණ්ඩලයට දරුවන් ඉගැන්වීම් කටයුතු කිරීමට නොදී එයට බාධා කරන බව විරෝධතාකරුවෝ පවසති.
මේ සම්බන්ධයෙන් අවස්ථාව කිහිපයකදී බලධාරින්ට දැනුම් දුන්න ද විසඳුමක් ලබා නොදුන් හෙයින් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
පසුව එම ස්ථානයට පැමිණි බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ජි. ආරියපාල මහතා විරෝධතාවයේ නිරත වූ ස්වාමින්වහන්සේලා සහ මව්පියන් සමඟ සාකච්ඡා කළේය.
එම විදුහල්පතිනියට දිනයක් ඇතුළත වෙනත් ස්ථානයකට ස්ථාන මාරුවක් ලබා දි මෙම පාසලට ඉතා කෙටි කාලයක දී සුදුසු විදුහල්පතිවරයෙකු ලබා දිමට කටයුතු කරන බව විරෝධතාවයේ නිරත පිරිසට පොරොන්දු විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.