IMG-LOGO

පිදුරංගල-සීගිරි පව්ව ආශ්‍රිතව දැව සංහාරයක්

(කාංචන කුමාර ආරියදාස)

ඓතිහාසික  පිදුරංගල හා සීගිරි පව්වට  බස්නාහිර ප්‍රදේශයේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවට අයත් අභයභූමියේ යන්ත්‍ර සූත්‍ර යොදා විශාල මාර්ගයක් කැපීම හේතුවෙන් දැව සංහාරයක් සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

රටේම අවධානය වෙනත් අතකට යොමු ව ඇති මොහොතක රජයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහය ඇතිව කිසියම් පිරිසක් මාර්ගයක් පිළිසකර කරන බව පවසා සීගිරිය අභය භූමියේ අඩි  35ට ආසන්න පළලකින් යුත් විශාල මාර්ගයක් යන්ත්‍රසූත්‍ර දමා පවිත්‍ර  කර අභය භූමියේ තිබූ දඹ, බුරුත ආදී වටිනා  ගස රැසක්ද විනාශ කර දමා ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

සීගිරිය අභය භූමිය මැදින් පැවැති කුඩා මාර්ගයක් මේ ආකාරයෙන් මිනින්දෝරු සැලැස්මක  විශාල මාර්ගයක් ඇති බව පවසමින්  සුද්ද පවිත්‍ර කර තිබේ.

සීගිරිය සහ පිදුරංගල ගල පේන තෙක් මානයේ මෙසේ මාර්ගය කපා ඇත. වැවකට ‍ප්‍රවේශ වීම සඳහා මෙහි කෘෂි මාර්ගයක් පැවති බවද ප්‍රදේශවාසීහු කියති. එම මාර්ගයේ  සංචාරකයන්ට වැවේ ඔරු  පැදීමේ ව්‍යාපෘතියක් කණ්ඩායමක් විසින් ආරම්භ කර තිබෙන බවත් එම ස්ථානයට ළඟාවීම සඳහා මෙම මාර්ගය කපන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළ කරති.

ප්‍රදේශවාසීන් කියා සිටියේ වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ ද අනුදැනුම ඇතිව පිරිසක් මෙය සිදු කළ බවය.
 
සීගිරිය  වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වන සත්ව අඩවි ආරක්ෂක ආර් .එම්.බී බණ්ඩාරනායක මහතාගෙන්  වීමසීමේ දී ඔහු කියාසිටියේ මෙම ස්ථානයේ මාර්ගයක් පවතින බවට තමන්ට ගොවි සංවිධානය සහ ග්‍රාම නිලධාරිවරයා දැනුම් දී තිබුණද මේ ආකාරයෙන් ගස් කොළන් කපා මාර්ගය හෙළි පෙහෙළි කරන බවට කිසිදු ආකාරයකින් තමාව දැනුවත් නොකළ බවයි. ඒ  හේතුව නිසා විශාල ප්‍රමාණයක් හානි සිදු වී තිබෙන බවත් ඒ අනුව තමන් මීට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගන්නා බවද සඳහන් කළේය.



අදහස් (0)

පිදුරංගල-සීගිරි පව්ව ආශ්‍රිතව දැව සංහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 778 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site