(මොහොමඩ් ආසික්)
පාස්කු ඉරිදා සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් සියලුම ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලමින් සහ ජාතික සමගිය ගොඩ නැගීමට බල කිරීම අරමුණු කර ගෙන ‘ජාතික සමගිය වෙනුවෙන් අපි’ සංවිධානය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයක් අද (27) අකුරණ නගරයේදී පැවැත්විණි.
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් සහ සියලු අන්තවාදී ජාතිවාදී සංවිධාන තහනම් කරන ලෙස ඉල්ලමින් සකස් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ සාමකාමී උද්ඝෝෂණයට එක්ව සිටියහ.
මෙම විරෝධතාවයට සිංහල මුස්ලිම් විශාල පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd