( පැතුම් දර්ශන)
හොරොව්පතාන කපුගොල්ලෑව මාර්ගයේ ධාවනය වන ලංගම බස් රථ පාසල් දරුවන් සඳහා නොනවත්වා ධාවනය කරන බව පවසමින් එම දරුවන්ගේ මව්පියන් පුහුලේවැව හන්දියට පැමිණ විරෝධය දැක්වීමෙන් උදෑසන දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
හොරොව්පොතාන ඩිපෝ අධිකාරීවරයාද ඒ මොහොතේ එම ස්ථානයට පැමිණීමත් සමඟ දෙමව්පියන් ඔහුට දැඩි විරෝධයක් එල්ල කළ අතර ඩිපෝ අධිකාරීවරයා සහ දෙමව්පියන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.
දෙමව්පියන් චෝදනා කළේ ආරක්ෂිත හේතුන් බව පවසමින් දින ගනනාවක සිට තම දරුවන්ට මෙම අසාධාරණය සිදු වන බව ය. පුහුලේවැව,කටුවරගොල්ලැව,නෙලූගොල්ලැව,කොන්ගොල්ලෑව, යන ප්‍රදේශවල දරුවෝ මේ හේතුවෙන් පීඩා විදිති.
හොරොව්පොතාන කපුගොල්ලෑව මාර්ගයේ හොරොව්පොතාන ඩිපෝවට අයත් බස්රථ හතරක් ධාවනය වන බවත් සෑම දිනකම එම බස් රථවල රියැදුරන් පුහුලේ වැව සහ රළපනෑව යන මංසන්ධි වලදී නොනවත්වා ධාවනය කරන බවත් චෝදනා කළ මව්පියන් වැඩිදුරටත් පැවසුවේ තම දරුවන්ට දින හතරක් පාසල් යාමට නොහැකි වූ බව ය.
මව්පියන් සහ ඩිපෝ අධිකාරිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසු ඩිපෝ අධිකාරිවරයා පොරොන්දු වූයේ ඉදිරියේදී සෑම දිනකම රළපනාව හන්දිය දක්වා පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමට වෙනම බස් රථයක් ලබා දෙන බවට ය.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
896
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසල් දරුවන්ට බස් නවත්වන්නේ නැතැයි මව්පියෝ උද්ඝෝෂණයක