(තුසිත කුමාර ද සිල්වා)
පයාගල - පොතුවිල පාරේ කුඩා බෝක්කුවක් අසළ කළු පැහැති සැකකටයුතු බෑගයක් තිබෙන බවට පයාගල පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත කළ සොයා බැලීමේදී එම බෑගයේ තිබී ජීව උණ්ඩ තොගයක් සොයා ගත් පොලීසිය කියයි.
එම බෑගයේ එම් .පි .එම්.ජී වර්ගයේ උණ්ඩ 18, 9 එම්.එම් වර්ගයේ උණ්ඩ 3, ටී 56 වර්ගයේ උණ්ඩ 2, 4.5 එම්. එම් වර්ගයේ උණ්ඩ 2, 5.56 එම්.එම් වර්ගයේ උණ්ඩ 6 , බෝර 12 වර්ගයේ උණ්ඩ 2 හා පතොරම් කොපු 2 ක් ද තිබී සොයා ගෙන තිබේ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත පයාගල පොලිස් ස්ථානාධිපති ඩබ් ගුණතිලක මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පයාගල බෝක්කුවක් අසල බෑගයකින් උණ්ඩ තොගයක් හමුවෙයි