
(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම දානියගම ප්‍රදේශයේ වාරි ඇළක සගවා තිබි බෝර 12 වර්ගයේ හිස් පතොරම් තොගයක් හා නැවත පිරවීමේදි ඒවාට යොදිය හැකි ජිව කැප් තොගයක් සොයාගත් බව පොලිසිය කියයි.
ගල්කිරියාගම පොලිසියට ලද තොරතුරක් අනුව අද (08) සවස සිදුකල සෝදිසියකදි එම හිස් පතොරම් කොපු තොගය හා ජීව කැප් තොගය සොයා ගැනිමට පොලිසියට හැකිව තිබිණ. බෝර 12 වර්ගයේ ගිනි අවි සදහා යොදන හිස් පතොරම් කොපු 65ක් ද ඒවා නැවත පිරවිමේදි යෙදිය හැකි ජීව කැප් 210ක්ද පොලිසිය එහිදි සොයාගෙන තිබිණ. ගල්කිරියාගම දානියගම පුදේශයේ ඩි21 ඇළ ප්‍රදේශයේ වාරි ඇළක සගවා තිබි ඒවා සොයාගැනීමට පොලිසියට හැකිව තිබිණ.
කවුරුන් හෝ කිසියම් අපරාධයක් කිරිමේ අරමුණින් එම පුපුරන ද්‍රව්‍ය තොගය එම ස්ථානයේ සගවා තැබුයේදැයි යන්න සොයා බැලිමට පොලිසිය පරික්ෂණ ආරම්භකර තිබේ. පොලිස් භාරයට ගෙන ඇති එම පුපුරන ද්‍රව්‍ය තොගය කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd