(හැටන් රංජිත් රාජපක්ෂ)
තීරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් බගවන්තලාව පොලිසිය විසින් ඊයේ (17) රාත්‍රියේ සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.
බගවන්තලාව නගරයේ වෙළඳසැලක නීති විරොධී දුම්වැටි අලෙවි කරන බවට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිස් නිලධාරින් විසින් එම වෙළඳසැල පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ දුම්වැටි පැකට් 20ක් සොයාගෙන තිබේ.
දුම්වැටි පැකට් 20 තුල දුම්වැටි 400 ක් තිබු බවත්, එම දුම්වැටි මෙරට නිෂ්පාදිත නීත්‍යානුකුල දුම්වැටි බව පවසමින් සැකකරු අලෙවි කර ඇති බව වැටලීම සිදු කළ බගවන්තලාව පොලිස් නිලධාරීහු කියා සිටියහ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ඔහුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd