(මහේෂ් කිර්තිරත්න)
කැළිකසළ බැහැර කිරීම වඩා විධිමත් කිරිමේ අරමුණින් ලබන මාර්තු 01 වන දා සිට නැගෙනහිර පළාතේ වෙන් නොකරන කැළිකසළ බාර නොගැනීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (3) පැවැති විශේෂ හමුවකදී තීරණය විය.
ඒ අනුව මෙම තීරණය පළාතේ සියළු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා යවන ලෙස පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.ඒ අසීස් මහතාට ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.
පළාත් පාලන ආයතන විසින් වෙන් නොකළ කැළිකසළ ලබා ගැනීම හේතුවෙන් කැළිකසළ බැහැර කිරිමේදි පළාතේ සෞඛ්‍ය ගැටළු රැසක් මතුවී ඇති බවත් විධිමත් ලෙස එම කැළිකසළ බැහැර නොකීරිම හේතුවෙන් වල් අලි ගැටලු ද වැඩි වී ඇති බවත් මෙම හමුවේදි අනාවරණය විය.
මින් ඉදිරියට දිරන සහ නොදිරන වශයෙන් වෙන වෙනම කැළිකසළ එකතු කිරිමේ කටයුතු සිදු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දන්වා යවන ලෙසද ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නාය.
මෙම තීරණයන් පිළිබදව ලබන මාර්තු 1 වැනිදාට පෙර ජනතාව දැනුවත් කිරිමේ ක්‍රමවේදයක් සකසන ලෙසද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් කීවාය.
මේ අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් යූ.එල්.ඒ අසීස්, පළාතේ සහකාර පළාත් පාලන කොමසාරිස්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
කැළිකසළ බැහැර කරීම වඩා විධිමත් කිරිමේ අරමුණින් ලබන මාර්තු 01 වැනි දා සිට නැගෙනහිර පළාතේ වෙන් නොකරන කැළිකසළ බාර නොගැනීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ හමුවකදී තීරණයවිය.
2025 නොවැම්බර් මස 04
370
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැ’හිර වෙන් නොකරන කසළ බාරනොගනී