
(සිසිර ලලිත් කුමාර සහ ශාන්ත චන්ද්‍රසිරි)
නාවලපිටිය තලවාකැලේ මාර්ගයට කැටබුලාව ප්‍රාථමික වෛද්‍ය ඒකකය අසළ ඇති විශාල මාර ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය අද (13) සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබේ.
කඳුකර ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හා සුළං හේතුවෙන් මෙම මාර ගස මාර්ගයට කඩා වැටී ඇත.
ඒ හේතුවෙන් තලවාකැලේ, බෝගහවත්ත වැනි ප්‍රදේශවල සිට නාවලපිටිය දක්වා ධාවනය වන රථවාහන සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිට තිබේ.
ප්‍රදේශවාසීහු, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ නාවලපිටිය පොලීසියේ නිලධාරීහු එක්ව මාර්ගයට වැටී ඇති ගස ඉවත්කර මාර්ගයේ ගමනාගමනය සාමාන්‍ය තත්වයට පත්කරමින් සිටිති.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.