(මහේෂ් කීර්තිරත්න)
තමන් මින් ඉදිරියට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව මාතලේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී එම්.ඒ.එම් අෂ්රොෆ් මහතා පැවසීය.
සිය තීන්දුව පිළිබඳව පක්ෂය වෙත ලිඛිතව දැනුම් දුන් බවත්, වර්තමාන නගරාධිපතිවරයාගේ අත්නෝමතික පාලනය මෙම තීරණයට හේතු වූ බවත්, මේ වනවිට සිය ඡන්ද දායකයින් එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්වෙමින් යන බවත්, මේ හේතුවෙන් නගර සභාව තුළ තමන් ස්වාධීනව කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
අෂ්රොෆ් මහතා, එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ඒ. එච්. එම්. ඉබ්‍රහිම් මහතාගේ සහෝදරයෙක් ද වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd