(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
නාකියාදෙණිය ගොඩහේන්කන්ද රක්ෂිතයේ වල්ලාපට්ට ගස් කපා ගල්ගුහාවක තබා ඉන් අවශ්‍ය පරිදි කොටස් ලබාගනිමින් සිටි සැකකරුවෙකු වල්ලාපට්ට මද කිලෝ 02 ක් සමඟ අද(20) අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන බීට්ටු වන නිලධාරි කාර්යාලය කියයි.
අනෙක් සැකකරු මෙහෙයුම සිදුකරන අවස්ථාව වන විට පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට සඳහා කටයුතු කරමින් තිබේ.
මේ සඳහා භාවිත කරමින් තිබූ අත් කියතක්, පොරෝ 02 ක් සහ පිහියක් වන නිලධාරීන් භාරයට ගෙන තිබේ.
සැකකරු සහ වල්ලාපට්ට තොගය හෙට (21) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd