(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත ඉලිප්පදෙණිය විදුහල සඳහා එවා ඇති නව විදුහල්පතිනිය ඉවත්කරන්නැයි ඉල්ලා, එම පාසලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් විදුහල ඉදිරිපිටට අද ( 17 ) උද්ඝෝෂණයක නිරත වෙති.
මීට පෙර මෙහි සේවය කළ විදුහල්පතිවරයා ස්ථාන මාරු ලබා ගිය අතර, ගතවු වසර එකහමාරක පමණ කාලය තුළ මෙහි සේවය කරමින් සිටි ගුරුවරියක වැඩ බලන විදුහල්පතිනිය වශයෙන් සේවය කරමින් විදුහලට හොඳ සේවය කළ බවත්, ඒ අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේණිධාරි විදුහල්පතිනියක් පත් කර එවා ඇති බවත් ඔවුහු කියති.
මෙම පත්වීම නිසා මෙතෙක් වැඩ බැලු විදුහල්පතිනියට යම් ආසාධාරණයක් වන අතර එහි බලපෑම දරුවන්ට ද අත් විඳීමට සිදුවන බැවින් නව විදුහල්පතිනිය ඉවත් කර තවදුරටත් වැඩ බලන විදුහල්පතිනියගේ සේවය ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔවුහු විරෝධයේ නියැළී සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd