IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දියත උයනේ නඩත්තු විධිමත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

(නාලක සංජීව දහනායක)

බත්තරමුල්ල, දියත උද්‍යානයේ නඩත්තු කටයුතු විධිමත්ව සිදුකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පසුගිය රජය සමයේදී නිසිලෙස නඩත්තු නොකිරීම නිසා මෙම උද්‍යානය කෙරෙහි ජනතාවගේ අවධානය අඩුවෙමින් පැවැතුණි.

දියත උද්‍යානයේ දුම්රිය ස්ථානයක දුම්රියක් නතර කර ඇති අන්දමට සකස්කර ඇති අවන්හලක්ද නිර්මාණය කර ඇති අතර එමඟින් දේශීය ආහාර වර්ගවලට අමතරව ඉන්දියානු හා චීන ආහාරවර්ග ලබාගැනීමේ පහසුකම්ද ඇත.

දුමිරිය මැදිරි හතරක සකසා තිබෙන මෙම අවන්හලෙහි දෙසිය පනහක පමණ පිරිසකට එකවර ආහාර ලබාගැනීමේ පහසුකම් සළසා තිබේ.

එමෙන්ම කෘෂි නිෂ්පාදන, කෘෂි උපකරණ, මල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, එළවළු හා පළතුරු අළවිකරනු ලබන ස්වයං රැකියා ලාභීන් සඳහා කුටි 164 න් සමන්විත අළවි මධ්‍යස්ථානයක්ද දියත උයන පරිශ්‍රයේ නිර්මාණය කර ඇත. සතියේ සෑම සිකුරාදා, සෙනසුරාද හා ඉරිදා දිනවල එම අළෙවි මධ්‍යාස්ථානය විවෘතව පවතී.

දියත උද්‍යානයේ වාහන නවතා තබන රථ ගාලේ සිට අළවි කුටි වෙත ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා විද්‍යුත් බැටරි මඟින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්ද ක්‍රියාත්මක කෙරේ.

 

 

   

 



අදහස් (0)

දියත උයනේ නඩත්තු විධිමත් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site