(චමිල් රූපසිංහ)
දිගන, කුඹුක්කදුර ප්‍රදේශයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ නියුතු ධීවරයන්ගේ ඔරු කිහිපයක් මහවැලි ගං ඉවුරේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇත.
ඔරු තුනක් සම්පූර්ණයෙන්ම පිළිස්සී විනාශවී ඇතැයි ඔරු හිමිකරුවන් තෙල්දෙණිය පොලිසීයට පැමිණිලි කර තිබේ.
මෙම ස්ථානයේ පවුල් තිහක් පමණ පිරිසක් මිරිදිය මත්ස්‍ය කාර්මාන්තයේ නිරත වන බවත් මීට වසර දෙකකට පමණ ඉහතදී ද තම ඔරු මේ අයුරින්ම යම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර තිබූ බවද ඔරු හිමිකරුවෝ පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd