රංජිත් රාජපක්ෂ
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණඩලයට සහනදායි මිලට රෝහල තුලදිම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දිමේ වැඩපිලිවෙලක් සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය මගින් අද ආරම්භ කර ඇත.
දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය 500 කට ආසන්න පිරිසක් සේවය කරයි.
එම රෝහලේ වෛද්‍යවරුනට සහ කාර්ය මණ්ඩලයට පවතින ඇදිරි නිතිය ලිහිල් කරන අවස්ථාවේ ඔවුන්ගේ රාජකාරි ස්වාභාවය අනුව ඔවුන් සියලු දෙනාට එක්වර නගරයට පැමිණීමට නොහැකි නිසා නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සිමා සහිත හැටන් දික්ඔය සමුපකාර සමිතියේ සභාපති සරත් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලිමක් මත සිමා මෙම වැඩපිලිවෙල සිමා සහිත හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතිය විසින් ක්‍රියාවට නංවා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දික්ඔය රෝහල් කාර්ය මණ්ඩලයට අත්‍යාවශ්‍ය ආහාර