ඩි.ජී.සුගතපාල
හත්වැනි දකුණු පළාත් සභාවේ අවසාන රැස්වීම අද (8) කලේගාන පිහිටි පළාත් සභා ගොඩනැගිල්ලේ දී සභාපති කේ.ඒ.සේමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
හුළු අත්තක් පත්තු කරගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රැස්වීමට පැමිණ සිටියහ.
මේ දිනවල සිදු කරනු ලබන විදුලි කප්පාදුවට විරෝධය පල කරමින් මෙසේ හුළු අත්තක් දල්වාගෙන පැමිණි බව රජයේ නොහැකියාව නිසා විදුලිය කප්පාදු කරනු ලබන අතර මේ නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව සිටින බවයි.
ප්‍රධාන මාර්ගයේ සිට හුළු අත්තක් දල්වාගෙන පැමිණියත් ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරින් විසින් සභා පරිශ්‍රයට ඇතුළුවීම වැළැක්විණි.
පසුව එම මන්ත්‍රීවරු හුළු අත්ත නිවාදමා සභා ගර්භයට පැමිණියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම මෝඩ රැලක්.
ඔය හුළු අත්ත දල්වාගෙන ගිහිල්ලා පහුගිය කාලේ හිටපු විදුලි දේශපාලුවන්ගේයි කොමිස් කාක්කන්ගෙයි ගෙවල් වලට ගිනි තිබ්බානම් තමා අපුරුවට තියෙන්නේ.