IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසට ඖෂධ කට්ටලයක්

(ජේ.කේ.එල් චාමින්ද)

දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා මේ වනවිට ඖෂධ කට්ටල 1800 ක් පමණ ලබාදී ඇති බව දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සි.එල් ගුරුගේ මහතා පැවසීය.

ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ගේ නිවෙස්වලටම මෙම ඖෂධ කට්ටල  ලැබීමට සලස්වා ඇති බවද  පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා කීය.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යෙදාගනමින් රෝහල් කාර්යමණ්ඩල හා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් විසින් මෙම ඖෂධ කට්ටල සකස් කරන බවද ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා මෙසේද පැවසීය.

ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ගේ ප්‍රතිශක්තීකරණය වැඩිකරන්න තමයි මේ ඖෂධ කට්ටලය ලබාදෙන්නේ. එහි ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පස්පාඩගම් තිබෙනවා. දිනකට දෙවතාවක් පානය කිරීමට අවශ්‍යයි.

වාෂ්පවේදය සඳහා නික බෙලිකොළ ඇතුළු බෙහෙත්වලින් සකස් කළ කුඩක් තියෙනවා.  ඊට අමතරව නිවස විෂබීජහරණය කිරීමට දුම් කුඩක් සකස් කරලා තියෙනවා.

පොල්කටු අඟුරු යොදාගෙන එය නිවසේ අල්ලන්න පුළුවන්.   මුඛ සෞඛ්‍ය  සඳහා කුඩක් මේ ඖෂධ කට්ටලය තුළ ඇතුළත් වෙනවා.

ගාල්ල මාතර හම්බන්තොට යන ප්‍රධාන රෝහල් මූලික කරගෙන එම පළාත් වලින්ම ඖෂධ සොයාගෙන මෙම ඖෂධ කට්ටල  සෞඛ්‍ය ආරක්ෂතිව සකස් කරනවා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේය.

 

 



අදහස් (0)

දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට ලක්වන පිරිසට ඖෂධ කට්ටලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site