IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දකුණු පළාත් ගුරුවරුන් 92කගේ හදිසි මාරු අවලංගුයි

(ඩී. ජී. සුගතපාල)
 
ජාතික  ගුරු මාරු ප්‍රතිපත්තියට පටහැනි ආකාරයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගුරුවරුන් 92 කට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලබාදුන් ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට අභියාචනා මණ්ඩලය  තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ දකුණු පළාත් ලේකම් සුනිල්ගමගේ මහතා පවසයි.   
 
2017-2020 චක්‍රලේඛයේ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය අනුව අත්තනෝමතික ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් තමන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවට දුෂ්කර සේවය නිමවා පැමිණි ගුරුවරුන් සහ විශ්‍රාමයාමට ආසන්න ගුරුවරුන් පිරිසක්  ඉදිරිපත් කරන ලද අභියාචනා විභාග කළ අභියාචනා මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
 
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා  මාතර හා ගාල්ල අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්ගෙන් විෂයන්ට අතිරික්ත ගුරුවරුන්ගේ නාම ලේඛනයක් පැය 4ක් ඇතුළත ඉල්ලා ඇති බවත්, එම ගුරුවරුන් අදාළ විදුහල්වල ප්‍රාථමික අංශවල සෞන්දර්ය, සෞඛ්‍ය, දෙමළ යන විෂයන් පිළිබඳ  අධ්‍යයන කටයුතුවල නිරතව සිටින බවත්, මාරුකිරීම සඳහා බව නොදැන එම නාමලේඛණය කලාප අධ්‍යක්ෂවරුන් විසින් අණ්ඩුකාරවරයා වෙත යවා ඇති බවත්, ඔහුගේ නියෝග පරිදි අධ්‍යාපන ලේකම්වරයා විසින් ගුරුවරුන් මාරුකරඇති බවත් සුනිල් ගමගේ මහතා පැවසීය. 
 
පසුගිය 24 වෙනි දින දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අත්තනෝමතික ලෙස මෙසේ ස්ථාන මාරුවීමේ නියෝග නිකුත් කිරීමෙන් පසු එම ගුරුවරුන් ඉදිරිපත් කළ අභියාචනා විභාග කිරීමට පස්දෙනෙකුගෙන් යුතු අභියාචනා මණ්ඩලයක් පත් කළ බවත් එම අභියාචනා මණ්ඩලය මාරුවීම් අවලංගු කිරීමට තිරණය කළ බවත් ඒ මහතා පැවසීය. 



අදහස් (0)

දකුණු පළාත් ගුරුවරුන් 92කගේ හදිසි මාරු අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 672 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site