IMG-LOGO

ත්‍රීරෝද රථ - යතුරුපැදි කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රී රෝද රථ සහ යතුරු පැදි සොරාගෙන කොටස් කර විකුණා හෙරොයින් මත්කුඩු පානය කළ සිව් දෙනාගේ කල්ලියේ තිදෙනෙකු රුපියල් ලක්ෂ දාහයකට අධික වටිනාකමකින් යුත් යතුරු පැදි 8 ක් හා ත්‍රී රෝද රථයක් සමඟ අද (18) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 1100ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී පැමිණි ත්‍රී රෝද රථයක් මාර්ග බාධකය ආසන්නයේ දී එය මගහැර යෑමට කළ උත්සාහ කර ඇත. එය පසු පස හඹා ගොස්  ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්ෂා  කිරීමේදී  ත්‍රීරෝද රථයේ තිබී මත් කුඩු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි මොවුන් විසින් සිදු කළ වාහන සොරකම් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව  කුරුදුවත්ත පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.



අදහස් (0)

ත්‍රීරෝද රථ - යතුරුපැදි කොටස් ගලවා අලෙවි කළ තුනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 780 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site