IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු වීදි බසිති

(අනීෂා මානගේ)
 
උපාධි සමානාත්මතාව වෙනුවට උපාධිය ඉල්ලා අද(28) තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුහු පිරිසක් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතා අත්සන් දෙදහස් පන්සීයක් ලබා ගැනීමේ වැඩසටහනකට එක්ව සිටියහ.
 
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන පළමු, දෙවන, තෙවන සහ සිවුවැනි වසරවල සිසුන් පිරිසක් මේ සඳහා එක්වූහ.
 
සාමාන්‍ය උපාධියකට අවශ්‍ය සාමාර්ථ ප්‍රමාණය ඉක්මවා තම පාඨමාලාව මගින් සාමාර්ථ 132ක් ලබා ගත්තද ඒ සඳහා උපාධිය තවමත් හිමිව නැතැයි ශිෂ්‍යයෝ කියති. උපාධි සමානාත්මතාව වෙනුවට තම පාඨමාලාවටත් උපාධිය හිමිවිය යුතු බව ඔවුහු කියති.
 
මෙම කරුණ මුල්කරගෙන දිවයින පුරා උසස් තාක්ෂණ ආයතනවල ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවල සිසුන් හෙට(29) කොළඹදී උද්ඝෝෂණයක්ද පැවැත්වීමට නියමිතව තිබිණි.
 
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතා අත්සන් 2500ක් ලබා ගැනීම  අද(28) තංගල්ලේදී සිදුවිය.



අදහස් (1)

තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු වීදි බසිති

mahinda Tuesday, 28 January 2020 09:32 AM

උපාධිකාරයෝ දහස් ගණනක් උන්නත් උසස් තාක්ෂණිකයේ අය රැකියාවක් නැතුව හිටියේ නැහැ. උපාධිය ට සම නම් උපාධියෙන් කරන්න පුළුවන් දේවලුත් කරන්න පුලුවන් නේද ? මම හිතන්නේ එචි.එන්.ඩී.ඒ එක උපාධියට වඩා ජොබ් ඔර්යන්ටෙඩ් කියලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site