(දයාරත්න ඇඹෝගම)
මහවැලි ජලාශ පිරී ඉතිරී වාන් දැමුවද තමන්ට ගොවිතැන් කර ගැනීම සඳහා හුරුළුවැව ජලාශයට ප්‍රමාණවත් තරම් ජලය ලබා නොදීම සම්බන්ධයෙන් හුරුළුවැව ගොවි ජනපදයේ ගොවීහු සිය විරෝධය පළකර සිටිති.
පසුගිය සති කිහිපයක් තිස්සේ රජරටට වැසි ඇද හැලුණද 2019/2020 මහ කන්නය සඳහා වී ගොවිතැනට ප්‍රමාණවත් ලෙස හුරුළුවැව ජලාශයට මෙතෙක් ජලය ලැබී නොමැත.
අක්කර අඩි 55,000 කින් සමන්විත ජල ධාරිතාවක් තිබිය යුතු හුරුළුවැව ජලාශයේ මේ වනවිට තිබෙන ජල ප්‍රමාණය අක්කර අඩි 12,500 කි.
මේ හේතුවෙන් තමන්ට කලට වේලාවට මහ කන්නයේ වී වගාව නිසි පරිදි සිදුකර ගත නොහැකිවනු ඇතැයි හුරුළුවැව ගොවි ජනපදයේ ගොවීහු බියට පත්ව සිටිති.
කොත්මලේ, බෝවතැන්න සහ පොල්ගොල්ල ජලාශ මේවන පිරි ඉතිරි ගොස් ඇතත් එමගින් මෙතෙක් ප්‍රමාණවත් අයුරින් තමන්ට ජලය ලබා නොදෙන බව හුරැළුවැව ගොවි ජනතාව මැසිවිලි නගති.
හුරැළුවැව යටතේ කුඹුරැ අක්කර 10,400 ක් වගා කරන අතර හුරැළුවැව ජලාශයෙන් පෝෂණය වන වැව් ප්‍රමාණය අටකි.මේවන විට කලාවැව, රාජාංගණය, තිසාවැව සහ කලාවැවට ජලය ලැබි ඇතත් හුරැළු වැව ජලාශයට ජලය ලබානොදි තමන්ට මහවැලි අධිකාරියෙන් කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ගොවිහු චෝදනා කරති.
කෘෂිකර්ම ඇමතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙකු වුවද තමන් නොසලකා හැරිම සම්බන්ධයෙන් ගොවිහු කෘෂිකර්ම අමාත්‍යවරයාටද සිය අප්‍රසාදය පලකර සිටිති.



2025 නොවැම්බර් මස 21
147
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
227
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1088
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජලය ඉල්ලා හුරැළුවැව ගොවියෝ හඬා වැටෙති