IMG-LOGO

ජලබද්ද වෙස්වලාගෙන එයි

(අජිත්ලාල් ශාන්තඋදය)

ඕනෑම වාරි කර්මාන්තයකට අයත් සෑම කුඹුරු ඉඩමකින් එක් කන්නයකට අක්කරයට වී බුසලක වටිනාකමට මුදලක් අයකර වාරි කර්මාන්ත නඩත්තු අරමුදලක් පිහිටවීම සම්බන්‍ධයෙන් ගොවීහූ දැඩි අප‍්‍රසාදය පළකරති.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ‘‘ වාරි ප‍්‍රබෝධා’’ සතියේ සිව්වන දිනය වන හෙට (4) ‘සුරක්‍ෂා දිනය’ ලෙස නම් කර ඇති අතර සෑම ගොවි සමිතියක්ම එදිනට මෙම වාරි කර්මාන්ත නඩත්තු අරමුදලට දායකවිය යුතු බවට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ගොවිජන සංවර්ධන නිලධාරීන් හරහා ගොවි සමිතිවලට දන්වනු ලැබ ඇත.

මෙදින වනවිට වාරි නඩත්තු අරමුදල් පිහිටුවා ඇති ගොවි සමිති එදිනට එම අරමුදල වර්ධනය කිරිමට පියවර ගත යුතු බවට ද උපදෙස් දී ඇති බව ගොවි සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.

එම අරමුදල් එක් එක් වාරි කර්මාන්තයේ නමින් වූ බැංකු ගිණුම්වල තැන්පත් කළ යුතු බවට ද උපදෙස් දී තිබේ.

මෙම ගිණුමේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේ පූර්ණ වගකීම ද ගොවි සංවිධානය සතු බවට එම උපදෙස්වල සඳහන් වෙයි. සෑම කන්නයකටම වරක් මෙම අරමුදල් යාවත්කාලීන කළයුතු වේ.

ගොවීන් පවසන්නේ අක්කරයක් සඳහා වසරකට වී බුදල් දෙකක වටිනාකමින් යුතු මුදලක් වාරි නඩත්තුවට සෑම ගොවියෙක්ම ගොවි සංවිධානයට ගෙවිය යුතු බවයි. වියලි කලාපයේ මෙන් මහා පරිමාණ වගා සිදු නොවන, තෙත් කලාපයේ බොහෝ කුඹුරු සඳහා ජලය ලබාගන්නා වාරි පද්ධති වසර ගණනාවකින් අලූත්වැඩියා කිරීමක් කර නොමැති බවද ගොවීහූ කියති.

ඇතැම් කුඹුරු අඳ ගොවි පදනම යටතේ වගා කරන අතර නොබෙදූ කුඹුරු බොහෝමයක් ඇති අතර ඒවා යල් යන කුඹුරු  බවද ගොවීහූ පෙන්වා දෙති. සුළු වාරිමාර්ග, වැසි ජලය ආශ‍්‍රිතව වගා කරන කුඹුරු ද මේ අතර වෙයි. සමහර කුඹුරුවලින් අක්කරයට වී බුදල් 40ක් වත් ලබා ගැනීමට නොහැකි බවත් වන සතුන්ගේ හානි, කෘමි උවදුරු, ස්වභාවික විපත් හානි ආදියට නිතර මුහුණ දෙමින් වගාවන් කරන ගොවීන් මෙම වාරි නඩත්තු අරමුදල තරයේ ප‍්‍රතික්‍ෂෙප කරන බවද ගොවීහූ කියති.

‘‘ආණ්ඩුව පුරන් කුඹුරු අස්වද්දන්න කියලා ගොවීන්ට බල කරනවා. නැත්නම් ඉඩම් පවරා ගන්නවා, නඩු පවරනවා කියනවා. කුඹුරු වගා නොකරන්නේ ඇයි කියලා හොයලා ඊට පිළියම් යොදන්නේ නෑ. ඇත්තටම කුඹුරු පුරන්වීමට ප‍්‍රධාන හේතුව සුළු වාරිමාර්ග සහ කුඩා වැව් අමුණු නිසි නඩත්තුවක් නොකිරීමත් කුඹුරු ඉඩම්, මැණික් පතල් කැපීමට, වැලි ගැනීමට, පස් කැපීම ආදී කටයුතු වලට ලබා දීමත්. ඊට පස්සේ ඒ කුඹුරු යළි වගා කරන්න බෑ. දැනටමත් සුළු වාරිමාර්ග නඩත්තු කරගන්නේ ගොවියන්. ඒ අය ශ‍්‍රමදායකත්වය දීලා අලූත්වැඩියා කරගෙන දෙකන්නය වගා කරගන්න කුඹුරුවලට වතුර ගන්නේ. කුඹුරකින් කන්නයකට වී බුසලකට සමාන මුදලක් ලබාගන්න ගියොත් කුඹුරු තව තවත් පුරන් වෙයි. ඇත්තටම ආණ්ඩු මොකට ද මේවගේ දේවල් වලට’’ යැයි ගොවීහු චෝදනා කරති.

‘‘ඉස්සර කාලෙකත් ගොවි ජනතාවගෙන් ජල බද්දක් ගන්න කටයුතු කළා. නමුත් ගොවි ජනතාව අධිකරණයට ගිහිං ඒ ජල බද්ද අහෝසි කරගත්තා. වීරකැටියේ පදිංචිව හිටපු ඇඹිලිපිටිය උසාවියේ කටයුතු කළ නීතීඥ ජේ.එම්.ඩී. බණ්ඩාර මහත්තයා නොමිලේම ගොවීන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී ඉඳලා මේ නියෝගය ගත්තේ.’’ යැයි වලව කලාපයේ වයෝවෘද්ධ ගොවීහු කියති.

එදා ක‍්‍රියාත්මක කරන්නට බැරිවූ ජල බද්ද වසර 35 කට 40 කට පමණ පසු මෙසේ වෙනත් නමකින් ගෙන එන්නට සූදානම් වන බව ද ගොවීහූ චෝදනා කරති. 



අදහස් (0)

ජලබද්ද වෙස්වලාගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 322 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 801 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site