IMG-LOGO

ජන රැළියකට ගොස් එමින් සිටි තරුණියව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

(ප‍්‍රදීප් කුමාර ධර්මරත්න)
 
කෑගල්ලේ පැවති ජන රැළියකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි විශේෂ අවශ්‍යතා සහිත තරුණියක් හෙම්මාතගම ඇල්පිටිය බලවත්ගම ප‍්‍රදේශයෙදී කැළෑවකට රැගෙන ගොස් අපයෝජනය කළ බව කියන තරුණයකු අද(08) අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙම්මාතගම ඇල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
 
හෙම්මාතගම ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එම තරුණිය ඊයේ (07) රාත‍්‍රියේ සිය ඥාතිවරියක සමඟ ජන රැළියකට බස් රථයකින් ගොස්, ආපසු පැමිණෙමින් සිටියදී බස් රථයේ සිටි තරුණයකු ඇයව රථයෙන් බස්සවා කැළයකට ගෙන ගොස් දූෂණය කර ඇත. සැකකරුද එම රැළියට සහභාගී වී ඇතැයි අනාවරණය වී තිබේ.
 
සිද්ධිය පිළිබඳ අතවරයට ලක් වූ තරුණියගේ පවුලේ සාමාජිකයන් හෙම්මාතගම පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම තරුණිය අද පස්වරුවේ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.
 
හෙම්මාතගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (3)

ජන රැළියකට ගොස් එමින් සිටි තරුණියව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

mahinda Friday, 08 November 2019 01:02 PM

මොන පක්ෂේ වුනත් කෙලින්ම මරණ දඬුවම දෙන්න ඕනේ.

:       0       0

ranjith Friday, 08 November 2019 02:08 PM

මේ රැස්වීම් වලට යන්නේ මේ වගේ අයද?

:       0       1

saman Saturday, 09 November 2019 03:10 AM

පොහොට්ටු පක්ෂේද?

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 770 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1191 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site