(ජේ.කේ.එල්. චාමින්ද)
ටී 56 ගිනි අවියක්, 303 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් පතොරම් 90 හා මැගසින් 03ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු කුමාරකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.
ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙකී පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මින් එක් අයෙකු සන්තකයේ ටි 56 ගිනි අවියක් තිබී ඇති අතර අනික් පුද්ගලයා සතුව 303 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවිය තිබි සොයාගත් බව පොලිසිය පවසයි. එක් අයෙකු කුමාරන්ද ලිපිනයේ සිටියද, ඔහු උඩුගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය පවසයි.
උඩුගම පොලිසිය මගින් රන්මාල කොල්ලකෑම්වලට සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ කොල්ලකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මෙකී පුද්ගලයින් දෙදෙනා ගිනිඅවි සමග අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි.
ගිනිඅවි සමග මෙකි පුද්ගලයින් දෙදෙනා හික්කඩුව පොලිසියට අද (20) භාරදීමට නියමිතව ඇති අතර ඔවුන් අද ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
686
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිනි අවි සමග දෙදෙනෙකු අත්අඩංගුවට