
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක් , මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ඇමෙරිකාවේ නිෂ්පාදිත ගිනි අවියට යොදා ගන්නා උණ්ඩ 7 ක් සමඟ පුද්ගලයෙකු අද (20) අත්අඩංගුවට ගත්බව බලංගොඩ පොලිසිය පැවසීය.
පින්නවල මෙගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත
මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙක සතුන් දඩයම් කිරීම සඳහා භාවිතා කරන ඒවා බව පොලිසිය පැවැසීය .
අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හෙට (21) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd