(දිලීප් ජයසේකර)
හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග හම්බන්තොට ගොන්නොරුව පහළ අන්දරවැවදී පුද්ගලයෙකු අද (22) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම ,දෙබරවැව ,පොල්ගහවැලෑන පදිංචි 52 හැවිරිදි සැකකරුවෙකි.
මෙම සැකකරු තිස්සමහාරාමයේ සිට පැමිණ ගොන්නොරුව අන්දරවැව ප්‍රදේශයේ කෙසෙල් කොරටුවක් කරන මුවාවෙන් කැලයක සකස්කර ඇති වාඩියක සිට දඩ මස් ජාවාරමේ නිරත වී ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.
අන්දරවැව ප්‍රදේශයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේද සහාය ඇතිව මෙම සැකකරු කලක් තිස්සේ මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.
සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට නාවික හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද ඔත්තුවකට අනුව හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට