(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (24) පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර 10 පමණ කොටසක් විනාශ වී ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසීය.
නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ කාසල්රි ජලාශය අසළ ඉලුක් සහ තෘණ සහිත රක්ෂිත කොටසෙහි ආරම්භ වූ ගින්න, නොර්වුඩ් ඇගළුම් කර්මාන්ත ශාලාව සහ හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගය අසළටද පැතිර ගොස් තිබුණි.
පැතිර යමින් තිබු ගින්න නොර්වුඩ් පොලිසියේ නිලධාරීහු සහ ඇගළුම් කාර්මාන්ත ශාලාවේ නිලධාරීහු එක් ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත් වූහ.
කාසල්රි ජලාශයේ අනවසරෙන් ධීවර කටයුතුවල නිරත ව සිටින පිරිසක් රක්ෂිතයට ගිනිතබන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැකකරයි.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.