IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගාලු ගොවි ගැටලුවලට ඇමැතුම් අංකයක්

(ඩී.ජී.සුගතපාල)

ප්‍රථම වතාවට ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ ගැටලු ඉදිරිපත් කිරිම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් හඳුන්වා දී ඇතැයි දකුණු පළාත් කෘෂීකර්ම අධ්‍යක්ෂ මහේෂ් සුබසිංහ මහතා පවසයි.

දිනපතා උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා මෙම දුරකතන අංකවලට හදිසි ගැටලු ඉදිරිපත් කළ හැකි අතර ඒ අනුව වහාම එම ගැටලුව ඇති ගොවි මහතා හමුවීමට කෘෂීකර්ම උපදේශක නිලධාරින්  යවා විසඳුම් ලබාදෙන  බවය.

පළාතේ කෘෂි කර්මාන්තය නංවාලීමේ අරමුණින් මෙම පියවර ගත් බවද පැවසු ඒ මහතා කියා සිටියේ විශේෂයෙන් තරුණ පරම්පරාව කෘෂි කර්මාන්තයට නැඹුරු කිරීම සඳහා වැඩ සටහන් රැසක් ද ක්‍රියාත්මක කර තිබෙන බවයි.

ඒ යටතේ කෘෂි ව්‍යවසායකයින් දිරි ගැන්වීම, ඔවුනට අවශ්‍ය පහසුකම් ලබාදීම, සහනාධාර මත නවීන යන්ත්‍ර සුත්‍ර ලබාදීම, තාක්ෂණය හඳුන්වා දීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද මහේෂ් සුබසිංහ මහතා පැවසීය.

ඉදිරියේදී මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් ගොවි ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංක ලබා දෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ක්ෂණික දුරකතන අංක ගාල්ල දිස්ත්‍රික්කය 0912221920, 0717011920 එම දුරකතන අංක වේ.



අදහස් (0)

ගාලු ගොවි ගැටලුවලට ඇමැතුම් අංකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site