(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වලහාපිටිය ප්‍රදේශයේ නිවසක කුකුල් කොටුවක අටවා තිබූ උගුලකට හසුවී සිටී අඳුන් දිවියකු වනජීවි නිලධාරීන්ට ඊයේ (12) භාර දී තිබුණි.
අඩි තුනක් පමණ දිගකින් හා අඩි දෙකක් පමණ උසකින් යුතු මෙම අඳුන් දිවියා කිලෝ 15 කට ආසන්න බරකින් යුත් වදවීයාමේ තර්ජනයට ලක්වී ඇති හඳුන් දිවියකු බව කියයි.
එසේ උගුලකට හසු වූ අඳුන් දිවියා ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ වනජීවි නිලධාරීන්ට භාර දීමට කටයුතු කර තිබූ අතර එම නිලධාරීන් පුත්තලම වනජීවි පාලන ඒකකයට භාර දීමට කටයුතු කර තිබුණි.



COMMENTS
ඔය අහිංසකයාගේ ආත්මය කොඳුරන හඬ මට ඇහුනේ මෙහෙමයි.. ".....අනේ මම කියන දේත් ටිකක් අහන්න .ඔය ගොල්ලන් මාව අල්ලන්න හදද්දී පහර කිහිපයක් වැදිලා මගේ නහයෙන් ලේ ගලනවා. එත් එකට මම තරහා නැහැ.මගේ පෙර කර්මයකටදෝ..අවාසනාවකට මේවගේ සතෙක්වෙලා ඉපදුනේ මගේ කැමැත්තට නොවෙයි මහත්වරුනේ.මම චුටි කාලේ මගේ අම්මා මට දඩයම් කරගෙන ජීවත්වෙන්න ඉගැන්නුවා. ඒ පිහිටෙන් තමයි මම ජිවිතේ ගැටගහ ගන්නේ.මට හොඳ නරක ඒ වගේම පානාතිපාතා වගේ දේවල් කියා දෙන්න කෙනෙක් හිටියේ නැහැ.ඒ හිටියත් මගේ මේ තිරිසන් ආත්මය කොහොම තේරුම් ගන්නද? දැන් ඔබලා මාව රක්ෂිතයකටද මොකකටද ගිහින් දානවාලුනේ. එහෙදිත් මට දඩයම් කරගෙන තමයි මේ තිරිසන් ජීවිතය තවදුරටත් ගෙනියන්න වෙන්නේ. මම තවත් කාලයක් ජිවත්වුනොත් තව තවත් පව් රැස් කරාවි. කෑමට සත්තු මරලා...ඒ කියන්නේ මට සසරෙන් එතෙරවෙනවා කියන එක සිහිනයක් පමණක්ම වේවි.අනේ එහෙම වෙන්න දෙන්න එපා මහත්වරුනේ....මගේ මේ තිරිසන් ජීවිතය මෙතැනින්ම ඉවර කරලා මගේ සසර කෙටි කරලා දෙන්න.ඔබ තුමන්ලාට " පව් " නැහැ.අනේ මහත්තයෝ ඔබ තුමා අතේ තියෙන තුවක්කුවෙන් මට වෙඩිතියලා..මාව මේ ආත්මයෙන් නිදහස් කරලාදෙන්න.ඔබලාට පින් සිදුවේවා..."
මෙවැනි සතුන් බේරා ගැනීම ඉතා වටිනා දෙයක් සහ මෙම නිවසේ අයට ස්තුති කල යුතුයි.
විජිත්, හරිම සංවේදී කතාවක්.