(ගල්කිරියාගම කුෂාන් ජයවරධන)
කැකිරාව සඳගල්පාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී ඊයේ (24) රාත්‍රියේ ජීව පතොරම් 11ක් සොයා ගත් බව පොලිසිය කියයි.
කැකිරාව සඳගල්පා නිවාස සංකීරණය ප්‍රදේශයේ ඇති වල්බිහිවූ ගෙවත්තක තිබී එම පතොරම් සොයා ගෙන තිබේ. අදාළ ගෙවත්තතේ වත්මන් හිමිකරු එම ගෙවත්ත සුද්ද පවිත්‍රකරමින් සිටියදී එම පතොරම් දැක ඇති අතර පසුව ඒ ගැන පොලිසියට දැන්වීමට ගෙවත්තේ හිමිකරු කටයුතු කර තිබේ. ඒ අනුව එම පතරොම් තොගය ඊයේ රාත්‍රියේ පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස සොයා ගත් පතොරම් අතර ටී 56 වරගයේ ජීව පතොරම් 09ක් හා එම්පීඑම්ජී වර්ගයේ ජීව පතොරම් 02ක් ද වන බව පොලිසිය කියයි.
අදාළ පතොරම් තොගය එම ස්ථානයට ගෙන දැමුවේ කවුරුන් විසින් කුමන අරමුණක් සඳහාද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිට වැඩිදුර විමරශණ අරඹා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd