(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹිලියාකඩ (වෙහෙරගල) වැවට කළු ගඟ ජලාශයෙන් ජලය සපයා ගැනීම සදහා උමගක් ඉදිකිරීමට අදාලව මුලික ශඛ්‍යතා අධ්‍යයනයක් මේ වන විට සිදුවෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩ සටහනේදී උමගක් මගින් කළු ගඟ ජලාශයෙන් හිඹිලියාකඩ (වෙහෙරගල) වැවට ජලය ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව කළ ඉල්ලීමකට අනුව මෙම මුලීක අධ්‍යයනය සිදුකරනු ලබයි.
මේ වන විට මැනුම් කටයුතු අවසන් කර භූ විද්‍යාත්මක කටයුතු සිදුවෙමින් පවතින බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය කියා සිටියි.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වන්නේ නම් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිඹිලියාකඩ ඇතුළු ගම්මාන රැසක ජනතාවගේ දිගුකාලීන වාරි ජල අවශ්‍යතාවය විසදුමක් ලැබෙනු ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ගම සමග පිළිසදර වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචන රැස්වීමේ දී පසුගිය දා මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පැවැත්වු බවත්, මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජි.කේ.පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතී මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා රාජ්‍ය නිලධාරින් රැසක් ද එක්වු බවත් දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය කියා සිටියි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුගගෙන් උමඟක් හරහා මාතලේ හිඹිලියාකඩට ජලය ලබාදෙන්න යයි