IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කහ කිලෝ 952ක් මන්නාරමෙන් අල්ලයි

(සිතුම් චතුරංග)
 
නීතිවිරෝධීව ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද වියළි කහ කිලෝ 952 ක් සමඟ පුද්ගලයකු අද(28) මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මන්නාරම පොලිසිය කියයි.
 
නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය සඳහා සූදානම්කර තිබූ වියළි කහ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙම කහ තොගය ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් ඇති බවද පොලිසිය සඳහන් කළේය. ජලය කාන්දු නොවන ලෙස සකස්කරන ලද ඇසුරුම් 27 ක් තුළ මෙම කහ තොගය අසුරා තිබූ බවද පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 ධීවරයෙකි.
 
සැකකරු හා කහ තොගය මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

කහ කිලෝ 952ක් මන්නාරමෙන් අල්ලයි

චමින්ද Tuesday, 29 September 2020 02:09 AM

අනේ මේ අල්ලන කහ විනාශකරන්න එපා. සිංහල නැත්නම් දේශීය වෙදකමේදී බෙහෙත් සදහා කහ ඉතාම අවශ්‍ය වෙනවා. අසනීපයෙන් සිටින මට බෙහෙතකට නියමකලේ වියලි කහ වලින් පොට්ටනියක් සාදා තවන ලෙසයි නමුත් කහ කැබැල්ලක්වත් සොයාගන්න නැහැ. බමුණු මතයේ සිටිනවුන් කියාවි කහ වවාගන්න කියලා. ක්ෂනිකව කහ වවලා වේලාගන්න බැහැනේ. වත්මන් ඇමතිතුමිය දේශිය වෙදකම රකිනවානම් මෙයට ප්‍රථිකර්මයක් කරාවියැයි සිතනවා. අසනීපය තියාගෙන අපි බලා සිටිමු

:       0       0

namal Tuesday, 29 September 2020 04:43 AM

කහ ගෙනාවොත් හිරේ, කුඩු ගෙනාවොත් පාර්ලිමේන්තුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site