
(ක.ග. කරුණාරත්න)
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ ජලය පිටාර මට්ටමට පිරෙමින් පවතින නිසා එහි වාන් දොරටු 12න් 2ක් අඩි 01බැගින් විවෘත කිරීමට අද (11) සවස පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
කවුඩුල්ල ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි 104,4000ක් වන අතර මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 94,700කි.
දැනට විවෘතකර තිබෙන එම වාන් දොරටු මගින් තත්පරයකට ඝන අඩි 600ක පමණ ජල කඳක් පිටතට යැවෙන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා පැවැසීය.
වර්ෂාව තවදුරටත් නොකඩවා පැවැතුණහොත් අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට ජලාශයේ වාන් දොරටු විවෘත කරන අඩි ප්‍රමාණය ඉහළ දැමීමට සිදුවනු ඇති බවද කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.