( නවරත්න සමරතුංග)
අම්පාර දිස්ත‍්‍රික්කයේ කල්මුණ උතුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, මූල්‍යය හා ඉඩම් බලතල සහිතව පූර්ණ මහලේකම් කාර්යාලයක් බවට පත්කරන ලෙස රජයට බලකරමින් අද (20) නැගෙනහිර පළාතේ දමිළ ජනතාව හර්තාල් විරෝධතාවයක් පැවැත්වූහ.
නැගෙනහිර පළාත් ශිෂ්‍ය පෙරමුණ ඇතුළු සමාජ ක‍්‍රියාකාරී සංවිධාන විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
කල්මුණ උතුර කාර්තිව් සහ දමිළ ජනයා වෙසෙන තදාසන්න ප‍්‍රදේශවල මෙම හර්තාල් තත්ත්වය වෙළඳසැල්, රජයේ කාර්යාල, පාසල් සහ බැංකු වසාදමා තිබිණි.
කල්මුණ උතුර ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප‍්‍රදේශයේ පවුල් 37,000ක් පමණ ඔවුන්ගේ ආර්ථික හා ජීවන සුභ සිද්ධිය උදෙසා මෙම කාර්යාලයට ඉඩම් සහ මූලය බලතල පවරා පරිපාලන කටයුතු බලාත්මක කර මහලේකම් කාර්යායක් බවට පත් කරදෙන වසර ගණනාවක් විවිධ සංවිධාන රජයෙන් ඉල්ලීම් කර තිබිණ.
එම ඉල්ලීම ඉටුකරන ලෙස රජයට බල කරමින් ඉකුත් 16 දින එම කාර්යාලය ඉදිරිපිට පදික වේදිකාවේ මාරාන්තික උපවාසයක්ද ආරම්භ කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්මුණේ හර්තාල්